Friday, April 19, 2024

General line - 0115112241

රංගන හේරත් වාර්තා පොතේ නම ලියයි




පළමු පෙළ ක‍්‍රිකට් තරගවලදි කඩුලූ දහසක් සම්පූර්ණ කළ දෙවන ශ‍්‍රී ලාංකික ක‍්‍රිඩකයා ලෙස රංගන හේරත් අද (17) වාර්තා අතරට එක් වුණා. ඒ. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉණිිමේදී මුස්තාෆිසූර් රහ්මන්ගේ කඩුල්ල දවා ගනිමින්. පළමු පෙළ තරගවලදි කඩුලූ දහසක් සම්පුර්ණ කළ පළමු ශ‍්‍රි ලාංකික කී‍්‍රඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්. 

මේ අතර ශ‍්‍රි ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද තරගය නතර කරන විට සිය දෙවන ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 54ක් ලබා සිටියා. උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 25 බැගින් රැස් කර තිිබුණා. බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉණිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467ක්. ශකිබ් අල් හසන් ලකුණු 116යි. රංගන හේරත් ලකුණු 82කට කඩුලූ 04ක් බිඳ හෙලූ අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 140කට කඩලූ 04ක් බිඳ හෙලූවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා  ඕවල් ක‍්‍රීඩාංගණයේදියි.