Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර හමුවක්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර හමුවක් ඊයේ සිදුවුණා. 

ඒ, ධවල මන්දිරයේදීයි. නායක දෙපළගේ හමුවේදී දේශපාලනික සහ ආර්ථික කරුණු ගණනාවක් පිළිබද සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. 

එම සාකච්ඡාවෙන් පසු අමෙරිකානු සහ ජර්මානු නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වුණා. 

ඉකුත් කාලසීමාවේ ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් වූ ජර්මානු චාන්සලර්වරියගේ දුරකතන මාර්ගයට අමෙරිකානු බුද්ධි අංශ රහසිගතව සවන්දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කළේ.