Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශ සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 4 වන දිනය අදයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 4 වන දිනය අදයි.

ඊයේ තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 54 ක් ලබාසිටියා.

ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න ලකුණු 25 බැගින් රැස්කර තිබුණා. 

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467 ක් රැස් කළා. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 338 ක් පමණයි. ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශී‍්‍ර ලංකාව තවත් ලකුණු 75 ක් පිටුපසින් සිටිනවා. 

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියට සහභාගිවන ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ ප‍්‍රකාශයට පත් කළා. එහි නායකත්වය හිමිව ඇත්තේ උපුල් තරංගයට.

ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධය සුව නොවීම හේතුවෙන් ඔහු මෙම තරගාවලියට සහභාගි වන්නේ නැහැ. 

තිසර පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට යළි කැදවා තිබීමද විශේෂත්වයක්.