Friday, March 29, 2024

General line - 0115112241

ස්ලීම් නීල්සන් 2017 ජනතා සම්මාන උළලේ දී මහජන බැංකුව සම්මාන ලබයි




ශී‍්‍ර ලංකා අළෙවිකරණ ආයතනය වාර්ෂිකව සංවිධාන කරන ස්ලීම් නීල්සන් 2017 ජනතා සම්මාන උළලේ වසරේ වඩාත්ම ජනහද දිනු සේවා නාමය හා වසරේ බැංකු සේවා සපයන්නා ලෙස මහජන බැංකුව සම්මාන හිමි කරගත්තා. 

ඉකුත්දා පැවති මෙම සම්මාන උළලේදී මහජන බැංකුවට මෙම සම්මානය හිමිවුණේ අඛණ්ඩව 11 වන වරටයි. 

රුපියල් ටි‍්‍රලියනයකට අධික වත්කම් ප‍්‍රමාණයකින් යුතු මහජන බැංකුව ශී‍්‍ර ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනය වනවා.