Saturday, April 20, 2024

General line - 0115112241

තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි - තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි. 

ඊයේ දිනය නිමා වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 02ක් අතැතිව ලකුණු 139ක් ඉදිරියෙන් පසුවුණා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම සඳහා කඩුලූ 08ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 268ක්. 

දිල්රුවන් පෙරේරා පන්දු 126කට මුහුණ දෙමින් එක් අන්තයක් රැක ගෙන නොදැවී ලකුණු 26ක් ලබා සිටිනවා. 

සුරංග ලක්මාල් නොදැවී ලකුණු 16යි. ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 338ක්. 

බංග්ලාදේශ කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් ලකුණු 467ක් රැස් කළා. 

තරගය පැවැත්වෙන්නේ  කොළඹ පී සරා  ඕවල් ක‍්‍රීඩාංගණයේදියි.

මේ අතර අද දිනයේ නොමිලයේ තරගය නැරඹීම සදහා කී‍්‍රඩා ලෝලීන්ට අවස්ථාව ලබාදෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළා.