Friday, April 19, 2024

General line - 0115112241

යාපනය සරසවියේ සියලු පීඨ වැසෙයි




යාපනය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන් දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාල භූමියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම මෙම තීරණයට හේතු වී තිබුණා.

නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධාන කර තිබූ උත්සවයක් අතරතුර ඇති වූ මතගැටුමක් මෙම ගැටුමට හේතු වී තිබූ බවයි පසුව අනාවරණ වුණේ.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් ප‍්‍රතිකාර සඳහා යාපනය මූලික රෝහලට ඇතුළිත් කෙරුණු අතර බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

මේ අතර මෙම ගැටුම ඔස්සේ ජාතිවාදය ඇවිළවීමේ උත්සහායක් කි‍්‍රයාත්මක වන බවත් එම උත්සහායන් හෙළාදකින බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් අද (17) ප‍්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරන ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ උතුරේ ඇති වී ඇති මෙම ප‍්‍රවණතාව වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි.