Thursday, March 28, 2024

General line - 0115112241

බෘනාහි හීදි ශ්‍රී ලංකාවට රන් පදක්කම් 05 ක්




බෘනායි හි ඊයේ (19) පැවති විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කම් 5ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ඉන් රන් පදක්කම් දෙකක්ම ශී‍්‍ර ලංකාවට දිනා දුන්නේ සාරංගි සිල්වා කී‍්‍රඩිකාව විසින්.

ඇය කාන්තා දුර පැනීම ඉසව්වෙන් සහ මීටර් සියය ධාවන ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දිනා දුන්නා. ඇය මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තේ තත්පර 12 යි දශම 4 යි 7ක දක්ෂතාවක් වාර්තා කරමින්.

සුමේෂ් වික‍්‍රමසිංහ මීටර් 200 ධාවන ඉසව් ජය ගනිමින් තවත් රන් පදක්කමක් ශී‍්‍ර ලංකාවට දිනා දුන්නා. 

ඔහු මීටර් 200 ධාවන ඉසව්ව ජය ගත්තේ තත්පර 21 යි දශම 8 යි 7ක දක්ෂතාවක් වාර්තා කරමින්.

අසංක රත්නසේන මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව ජය ගනිමින් එහි රන් පදක්කම දිනා ගත්තා. ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 53 යි දශම 3 යි 6ක්.

බෘනායි හි පැවති විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම නදීෂා රාමනායක විසින් දිනා ගත්තා. ඇය දැක් වූ දක්ෂතාව විනාඩි දෙකයි තත්පර 7 යි දශම 7 යි 3ක්.