Saturday, April 20, 2024

General line - 0115112241

14 දෙනෙකුට මරු කැඳවූ රියදුරු 37 වසරකට යයි




ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක් කර මගීන් 14 දෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ වරදකරු වූ රියදුරෙකුට බරපතල වැඩ සහිත වසර තිස් හතහමාරක සිර දඬුවමක් අද (20) නියම කෙරුණා.

2003 වසරේ ජූලි මස 04 වැනිදා සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් රියදුරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුනා.

ඊට අදාළව 85 ස් දෙනෙකුගෙන් සාක්ෂි කැඳවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සහ මනුෂ්‍ය ඝාතනය යන චෝදනා මත නඩුව ගොනුකර තිබුනා.