Friday, April 19, 2024

General line - 0115112241

කැන්ගරු පුහුණු තරගයේ නායකත්වය මිලින්දට – දිල්හාරත් කැඳවයි




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට මාධව වර්ණපුර, ඕෂධ ප‍්‍රනාන්දු, මනෝජ් සරත්චන්ද්‍ර, අසේල ගුණරත්න, ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක ද ඇතුළත්.

ඊට අමතරව චතුරංග සිල්වා, නිසල තාරක, විමුක්ති පෙරේරා සහ දිල්හාර ප‍්‍රනාන්දු ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

අතිරේක ක‍්‍රීඩකයින් ලෙස නම්කර සිටින්නේ ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්නයි.

මෙම තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය කොළඹ පී. සරවණමුත්තු ක‍්‍රීඩාංගණයේදී හෙට (18) ආරම්භ වනවා.

13731445_373965612727155_2361456532932858015_n