Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හානි නොකරන බවට චීනය පොරොන්දු වෙයි




ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කෙරෙන ගිවිසුම්වලදී  ඉන් මෙරට අභිමානයට, ස්වාධීනත්වයට හෝ ජාතික ආරක්ෂාවට හානියක් සිදු වීමට ඉඩ ලබා නොදෙන බව චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන්ග් වන්ක්වාන් පවසනවා.

අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළා.

තෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (19) රාත‍්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවුණා.

ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ජාතික ආරක්ෂාවට චීනයෙන් ලැබෙන සහය ජනාධිපතිවරයා මෙහිදී අගය කිරීමට ලක් කර තිබෙනවා.

යුද්ධය පැවති කාල සීමාවේදී ලක් රජයට චීනය ලබා දුන් සහය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන්ග් වන්ක්වාන් ප‍්‍රකාශ කළේ මෙරට ආර්ථික, සමාජයීය සහ ජනතා සුබ සිද්ධිය සඳහා ශක්තිමත් පදනමක් වැටී ඇති බවයි.