Saturday, April 20, 2024

General line - 0115112241

පෞද්ගලික වෛද්‍ය සේවාවලිනුත් ඉවත් වීමට GMOA සූදානම් වෙයි




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය තවදුරටත් මුණිවත රකින්නේ නම් අපේ‍්‍රල් මස මුලදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ ඇතැම්විට රජයේ රෝහල්වල කටයුතුවලින් පමණක් නොව පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත් වීමට වෛද්‍යවරුන් තීරණය කරන බවයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තුන්වන ශිෂ්‍ය කණ්ඩායමටද විභාග පැවැත්වීමට එහි පාලනාධිකාරිය සූදානම් වෙමින් ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙම මාධය හමුවට සහභාගී වූ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ වෛද්‍ය සභාව තර්ජනයකට ලක්ව ඇති බවයි.