Saturday, April 20, 2024

General line - 0115112241

ෆොන්සේකාට වෙන පුටුවක් එපාලු




ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට පළ වන වාර්තා පිළිබඳ ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (20) මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සිය අමාත්‍ය ධූරයේ කිසිඳු වෙනසක් අපේක්ෂා නොකරන බවයි.

එහිදී ඔහු පැවසුවේ "මමනම් කැමති මම දැන් ඉන්න අමාත්‍යාංශයේම ඉන්න. වසරකට ආසන්න කාලයක් මම ඉතා මහන්සියෙන් තමයි අලුතෙන්ම අමාත්‍යාංශයක් පිහිටෙවුවේ. මට ප්‍රබල අමාත්‍යාංශ කියන දේවල් ගැන ආශාවල් නැහැ. මේ අමාත්‍යාංශයෙන් රටට සේවයක් කරන්නේ කොහොමද කියලයි අවධානය යොමු කරන්නේ." යනුවෙනි. 

පෑලියගොඩ එච්.කේ ධර්මදාස විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවිමේ උත්සවයට එක් වෙමින් අමාතයවරයා මෙම අදහස් පළ කළා.