Thursday, April 18, 2024

General line - 0115112241

ගුවන් තොටුපළේදී යානයක් ගිනි ගනී (PHOTOS)




පුද්ගලයින් 44 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (20) පස්වරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.

දකුණු සුඩානයේ ගුවන් තොටුපළකට මෙම ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් 14 කට වැඩි පිරිසකට තුවාල සිදුව ඇති බවත් සඳහන්.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මෙම ගුවන් යානය දකුණු සුඩානයට අයත් එකක් බවයි.