Friday, April 19, 2024

General line - 0115112241

දුම්වැටි අළෙවි කරන ස්ථාන සිමා කරන්න ඕන - රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය




රට තුළ දුම්වැටි අළෙවි කරන ස්ථාන සිමා කිරීමට නිති ගෙන ආ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ තෝරාගත් ස්ථානවල පමණක් බලපත‍්‍ර ක‍්‍රමවේදයක් යටතේ දුම්වැටි අළෙවි කිරිමට අවස්ථාව ලබා දිය යුතු බවයි. 

ඔහු මෙම අදහස් පළ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

තනි දුම්වැටි අළෙවි කිරීම තහනම් කිරිමරට අදාල කැබිනට් පත‍්‍රිකාව මේ සතියේදි නිකුත් කිරීමට නියමිතයි. 

එහෙත් ඒ සම්බන්ධයෙන්ද යම් සැකයක් පවතින බවයි වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ.