Thursday, April 25, 2024

General line - 0115112241

ගොඩනැගිලි ඉදිකිරීමට අළුත් රෙගුලාසියක් හඳුන්වාදෙයි




විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතරය සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක‍්‍රියාවට නංවා තිබෙනවා. 

ශ‍්‍රී ලංකා මහජන උපයෝගගීතා කොමිෂන් සභාව පැවසුවේ ගොඩනැගිලි සහ විදුලි රැහැන් අතර සිරස් හා තිරස් පරතරයන් සම්බන්ධයෙන් මෙම රෙගුලාසිය හඳුන්වා දී ඇති බවයි. 

විදුලි රැහැනේ වෝල්ටීයතාව දහසට අඩුනම් එවැනි රැහැනක සිට ගොඩනැගිල්ලක් දක්වා අවමව තිබිය යුතු සිරස් පරතරය මීටර දෙකයි දශම හතරක වනවා. 

අවම තිරස් දුර එකයි දශම පහක් වන බවයි ශ‍්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කලේ. 

විදුලි රැහැනෙහි වෝල්ටීයතාව වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයන්ද වැඩි අගයක් ගනු ඇති. 

නව රෙගුලාසිය අනුව නිසි පරතරයකින් තොරව ගොඩනැගිලි ඉදිකිරිම නීති විරෝධී බවද මහජන උපයෝගීතා කොමිසම නියෝග කළා. 

ඒ අනුව නව ඉදිකිරීම් සඳහා සංවර්ධන බලපත‍්‍ර පිරිනැමීමේදී විදුලි රැහැන් හා අදාළ ඉදිකිරීම් අතර ප‍්‍රමිතියද සොයා බැලෙනු ඇති.
 
නව රෙගුලාසියට අනුව ඉදිකිරීම්වලදී ලංකා විදුලි බල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් ආරක්ෂිත සහතිකයක් ලබා ගැනීමද අනිවාර්ය වනවා.