Saturday, April 20, 2024

General line - 0115112241

ලොව සතුටින්ම ජිවත් වන වැසියන් සිටින රටවල් 155ක් අතරින් ශ‍්‍රී ලංකාව 120 වැනි ස්ථානයට




ලොව සතුටින්ම ජිවත් වන වැසියන් සිටින රට බවට නෝර්වේ රාජ්‍ය පත්ව තිබෙනවා. 

ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය  විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුවයි. 

මීට පෙර එම වාර්තාවේ පළමු ස්ථානයේ රැඳි සිටියේ ඩෙන්මාර්කයයි. ජනතා සුබ සාධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. 

මෙම වාර්තාව අනුව යුරෝපය සහ උතුරු අමෙරිකානු රටවල් එහි මුල් ස්ථානවලට පත්ව තිබිම විශේෂත්වයක්. 

රටවල් 155ක් අතරින් සිරියාව පත්ව සිටින්නේ 152 වන ස්ථානයටයි. යේමනය සහ දකුණු සුඩානය පිළිවෙළින් 146 සහ 147 යන ස්ථාන දක්වා පහත බැස තිබෙනවා. 

අදාළ වාර්තාව අනුව ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ රටවල් 155ක් අතරින් 120 වන ස්ථානයයි. 2015 වසරේදී ශ‍්‍රී ලංකාවට හිමිවූයේ 132 වන ස්ථානයයි. 

2016 වසර වන විට 117 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ‍්‍රී ලංකාවට හැකි වුණා. එහෙත් මෙම වසරේදී ස්ථාන 3කින් යළි පසු බැස තිබෙනවා. 

නවතම වාර්තව අනුව අසල්වැසි ඉන්දියාවට හිමිව ඇත්තේ 122වන ස්ථානයයි.