Tuesday, April 23, 2024

General line - 0115112241

තුන්වන ටෙස්ට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වෙයි




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

ආරංචි හි පැවති මෙම තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 451ක් රැස් කළා. 

ඊට පිළතුරු ලෙස ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 603ක්. 

අවසන් දිනය නිමා වන විට දෙවන ඉනිම සඳහා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා. 

ඉන්දීය පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ චිටෙෂ්වර් පුජාරා තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. 

තරග 4කින් සමන්විත මෙම ටෙස්ට් කි‍්‍රකට් තරගවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා.