Saturday, April 20, 2024

General line - 0115112241

කැළණිමුල්ලේ රත්තරං ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට




මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු මුල්ලේරියාව පොලිස් වසමට අයත් කැළණිමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කළ වැටලිමකදියි. 

ඉකුත් ජනවාරි මස පස්වනදා කැළණිමුල්ල ප‍්‍රදේශයේදී සුරංග කුමාර රත්නායක හෙවත් රත්තරං යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා. 

විසි අට හැවිරිදි මොහු විරාජ් සංජය තෝමස් හෙවත් සංජු නැමැත්තෙක්. සැකකරුගෙන් පොලිසිය වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.