Thursday, March 28, 2024

General line - 0115112241

කල්පිටියේ ඉඩමක් සංචාරක කර්මාන්තය සඳහා බදු දීමේ සුදානමක් පිළිබඳ ප‍්‍රදේශවාසීන්ගෙන් චෝදනා




තමන් විසින් සංවර්ධනය කර භුක්ති විඳිමින් සිටින විට රජයට පවරා ගත් කල්පිටිය කන්දකුලියේ පිහිටි ‘‘කඩල්කොරෙයි‘‘ නම් වූ අක්කර 11ක ඉඩම පිටස්තර පුද්ගලයෙකු සාඳහා බදු දිමේ සූදානමක් ඇතැයි ප‍්‍රදේශවාසින් චෝදනා කරනවා.

කන්දකුලිය මුහුදට සහ කලපුවට මැදිව පිහිටා ඇති මෙම භූමියේ පොල් වගා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තකරු පැවසුවේ. 

තමන් වාර්ෂිකව මෙම ඉඩම වෙනුවෙන් බදු ගෙවා ඇති බවද ප‍්‍රදේශවාසීන් පවසවා. 

කෙසේ වෙතත් කල්පිටිය ප‍්‍රාදේශිය ලේකම්වරයා මෙම ඉඩම සම්බන්ධයෙන් පුත්තලම දිසා අධිකරණයේ නඩු පවරා විභාගයකින් අනතුරුව එය රජයට පවරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම  ඉඩමේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවටද ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා.