Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් බාලිකා පාසලකට බලෙන් ඇතුලු වී යකා නටයි




කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අද (21) දහවල් බොරැල්ල කින්සි පාරේ පිහිටි ප්‍රධාන පෙළේ කාන්තා පාසලකට බලෙන් ඇතුලු වී තිබෙනවා.

මෙලෙස සිසුන් දස දෙනෙකු පමණ එම බාලිකා පාසලට ඇතුලු වී  තිබෙනවා.

පසුව බාලිකා පාසල තුළ  සැරිසරමින් සිටියදී ඇතිවූ තත්ත්වයත් සමග එම සිසුන් බාලිකා පාසලෙන් පැන ගොස් තිබෙනවා.

කෙසේවෙතත් පිරිස අතරින් එක් සිසුවෙකු බාලිකා පාසල අවට සිටි පිරිස් විසින් අල්ලාගෙන තිබෙනවා.  

මේ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු කුරුඳුවත්ත පොලිසිය පැමිණ අදාළ සිසුවාව පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් භාරයට ගෙන ඇති සිසුවා 12 වසරේ ඉගෙනුම ලබන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වෙන්නේ.