Saturday, April 20, 2024

General line - 0115112241

අපරාධ වලින් උපයාගත් දේ ගැන ආමි රොෂාන් හෙළි කරයි




වසර ගණනාවක් විවිධ අපරාධවල යෙදුණත් පසුතැවීම සහ පවුලේ සමිපතමයන් හැර ඉතිරි වූ වෙනත් කිසිවක් නොමැති බව රොහාන් ප‍්‍රදීප් නොහොත් ආමි රොෂාන් පවසනවා. 

අපරාධවලින් මිදී මේ වනවිට යහමගට පිවිස ඇතැයි කියන ඔහු මෙම අනාවරණය කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට ඊයේ රාති‍්‍ර සහභාගි වෙමින්.

තමන් වැරදිමග යාම නිසා තම පවුලේ සාමාජිකයන්ද පීඩාවට පත්වූ බව ආමි රොෂාන් මෙම සංවාදයේදී හෙළි කළා. 

අපරාධ ලොව නමගිය තමන් දන්නා තවත් බොහෝ අයද අපරාධ කිරීමෙන් පසුතැවීම හැර වෙනත් කිසිවක් උපයා ගෙන නැතැයි රොහාන් ප‍්‍රදිප් නොහොත් ආමි රොෂාන් කියාසිටියා.

(එම හඬපටය පහතින් අහන්න)