Friday, March 29, 2024

General line - 0115112241

ගල්ලෙනට පෙර ගල්අඟුරු මාෆියාව බින්ඳ හැටි පාඨලී කියයි




රටේ පැවති ගල්අඟුරු මාෆියාව බිඳදැමුවේ තමා විසින් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික හෙළ උරුමය විසින් රත්නපුරයේ සංවිධාන කර තිබූ ජනහමුවකට එක්වෙමින්.

“කවුද තෙල් මිල අඩුකළේ ? තෙල් වලින් ගහන සහගහන බදු අයින් කළේ මමයි එදා ඒ බලශක්ති ඇමති විදිහට තෙල් මිල අඩුකරලා රාජපක්ෂගේ බදු බරෙන් මේ රටේ ජනතාව නිදහස් කළේ.

මේ මෑතදී විශාල හා හූවක් ඇති කලා මේ ගල්අඟුරු ප්‍රශ්ණයක් තියෙනවා කියලා. මේ රටේ 2009 තමයි පළවෙනි ගල්අඟුරු ටෙන්ඩරය දුන්නේ. ඒදා ඒ ටෙන්ඩරය දුන්නේ වැරදි විදිහට. අන්න ඒවානම් වංචා වෙලා තියෙනවා. අපි මොකද කළේ ? ඒ තනි සමාගමකට යන ඒ ක්‍රියාවලිය බිඳදැම්මා. ප්‍රකෝටිගානක් අද ඛණිජ තෙල් සංස්ථාවට ලාබයි.

අපිට අද ගහන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ ලාබය ගන්න බෑ කාටවත්. මාෆියාව බින්දේ අපි . ගල් ලෙන බිඳලා අපි නිකන් ජනතා විමුක්ති පෙරමුණයි , වාසුදේවයි වගේ කට වාචාලකමට කියෝ කියෝ ඉන්නේ නැහැ”.

මේ අතර ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ඉකුත්දා ත‍්‍රිපුද්ගල කමිටුවක් ද පත්කරනු ලැබුවා.