Friday, March 29, 2024

General line - 0115112241

විමල්ගේ සෞඛ්‍ය ගැන වෛද්‍යවරු අවධානයෙන්




ආහාර වර්ජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ තවදුරටත් උපවාසයේ යෙදී සිටිනවා.

මන්ත‍්‍රීවරයා ඊයේ (22) දිනයේ උදෑසන, දිවා සහ රාත‍්‍රී ආහාරද ප‍්‍රතික්ෂේප කළ බවයි බන්ධනාගාර ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

තමන්ට ඇප ලබානොදීමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස උපවාසයේ යෙදී සිටිනවා. මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ සිර මැදිරියක රඳවා සිටින විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඊයේ දිනයේ ඉන් පිටතට ද පැමිණ නැහැ.

ඔහුගේ සුවදුක් විමසීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ද මේ හේතුවෙන් සිර මැදිරිය වෙත යාමට සිදු වුනා. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි බන්ධනාගාර රෝහල් වෛද්‍යවරු සඳහන් කළේ.

තමන්ට ඇප ලබා නොදීම පිළිබඳව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් සිර මැදිරියේ සිට ලියූ ලිපියක් ද කථානායක කරූ ජයසූරිය මහතා වෙත යොමුකර තිබෙනවා. මේ වනවිට දින 72 ක කාලයක් බන්ධනාගාරගතව සිටින තමන්ට ඇප ලබා නොදීම අසාධාරණ බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ආණ්ඩුවේ කුමන හෝ පාර්ශ්වයක බලපෑමක් මත මෙය සිදුව ඇති බවයි මන්ත‍්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.