Friday, March 29, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කා සමග සමයංට වෙඩි තිබ්බ හැටි බන්ටි පොලිසියට වමාරයි - බෙල්ල කපන්න මන්නයකුත් ගෙනල්ලා




අංගොඩ ලොක්කා සහ තවත් දෙදෙනෙකු සමග තමන් බන්ධනාගාර බස් රථයට ගොඩ වී සමයං ඇතුලු පිරිසට වෙඩි තැබූ බව පාතාලා සාමාජික බත්තරමුල්ලේ බන්ටි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

පළමුව සමයංගේ මුහුණට වෙඩි තබා ඔහුව බස් රථයේ පාපුවරුව මතට රැගෙන විත් මළ සිරුර ඒ මත දමා වෑන් රථයේ නැගී අංගොඩ ලොක්කා සහ තමන් ඇතුළු පිරිස පළා ගිය බවයි බත්තරමුල්ලේ බන්ටි ප්‍රකාශ කර තිබෙන්නේ.

සැකකරුවන් අතුරුගිරිය ජයත්නිපුර රබර් වත්ත ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් සහ බන්ධනාගාර නිල ඇඳුම් ඇඳ ගිනිඅවිද සූදානම් කරගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

බන්ටි නැමති පාතාල සාමාජිකයා, අංගොඩ ලොක්කා සහ මාකදුරේ ධනුෂ් නැමති ප‍්‍රභල පාතාල සාමාජිකයින්ගේ ගෝලයකු බවටයි අනාවරණය වී ඇත්තේ. ප්‍රහාරයට යෑමට පෙර අංගොඩ ලොක්කා වීඩියෝ ඇමතුමක් ලබා ගෙන තමන් ඇතුළු පිරිස මාකඳුරේ ධනුෂ්ට පෙන්වූ බවද බන්ටි නැමැති පාතාල සමාජිකයා ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා.

සමයංගේ ගෙල සිඳීම සඳහා මන්නයක් රැගෙන ආ බවත් බස් රථයට ගොඩ වූ අවස්ථාවේදී එම මන්නය රැගෙන යෑමට අමතක වූ බවත් බන්ටි ප්‍රකාශ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

බන්ටි නැමැති පාතාල සාමාජිකයා ඊයේ (22) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.

සමයං ඇතුළු රැදවියන් පිරිසක් අධිකරණය වෙත රැගෙන යමින් සිටි බන්ධනාගාර බස්රථ දෙකට පසුගිය පෙබරවාරි මස 27 වැනිදා මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා, එහිදී සමයං ඇතුළු රැදවියන් 05 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.