Thursday, March 28, 2024

General line - 0115112241

රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්




අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවට ඊයේ (23) රාත‍්‍රීයේ වනඅලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එයින් ගබඩාවේ දොරටුවකට හානි සිදුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

වී අඩංගු මලු කිහිපයක් මෙහිදී වනඅලිින් කා දමා තිබෙනවා.

මෙම වී ගබඩාවට එල්ල වූ එකොළොස් වැනි වනඅලි ප‍්‍රහාරය මෙය බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

වනඅලි ප‍්‍රහාරයෙන් පසු අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවේ ඇති වී තොග වෙනත් ගබඩාවකට මාරු කරන ලෙස බලධාරීන් මේ වනවිට උපදෙස් ලබා දී තිබෙනවා.