Wednesday, April 24, 2024

General line - 0115112241

විමල් වතුරත් එපා කියයි




උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (23) උදෑසන ආහාරය ද ඔහු නොගත් බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ.

මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුවනවා.

ඊයේ (22) උදෑසන සිට ආරම්භ කළ මෙම උපවාසය අඛණ්ඩව සිදු කලහොත් මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍යට බලපෑමක් වනු ඇති බවයි බන්ධනාගාරයේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

තමන්ට ඇප ලබානොදීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙලෙස උපවාසයේ නිරතව සිටිනවා.