Friday, April 19, 2024

General line - 0115112241

රජිනි කාන්ත් යාපනයට එනවලු




දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ‍්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී යාපනය හා වව්නියාවේ නිවාස ලබා දීමේ  උත්සව දෙකකට සහභාගි වන බවයි.

ඉන්දියාවේ ලයිකා චිත‍්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥාණම් පදනම මෙවැනි නිවාස 150 ක් ශ‍්‍රී ලංකාවේ ඉදිකර තිබෙනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 22 ක්.

එමෙන්ම රජිනි කාන්ත් යාපනයේ පැවැත්වෙන රැළියකට ද සහභාගි වීමට නියමිතයි. දමිළ සුපිරි නළු එම්.ජී. ආර් ගෙන් පසුව යාපනයේ සංචාරයකට එක්වන පළමු දමිළ නළුවා වන්නේ රජිනි කාන්ත්.