Thursday, April 25, 2024

General line - 0115112241

උඩුවේ හිමිට ඇප




අධික ශබ්දයක් සහිත ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළේයැයි චෝදනා ලැබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින්. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

නඩු විභාගය ලබන අප්‍රේල් මස පස් වැනිදාට කල් දැමීමටයි මහේස්ත්‍රාත්වරිය මෙහි දී තීන්දු කළේ.