Saturday, April 20, 2024

General line - 0115112241

බාලිකා පාසල්වලට සිසුන් ඇතුළුවීමේ සිද්ධීන් පිළිබද ඇමති සාගලගෙන් නිවේදනයක්




පාසල් මහ ක්‍රිකට් තරග මුල් කර ගනිමින් සිසුන් නීතිය කඩ කරමින් අශෝභන ලෙස හැසිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන පිරිමි පාසලක සිසුන් පිරිසක් බාලිකා පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වී අශෝභන ලෙස හැසිරීම පිළිබද කරුණු දක්වමින්.

පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව සහ බාලිකා පාසල් අවට නීතිය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස්දී ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එවැනි සිද්ධීන්වලට සම්බන්ධ වන පාර්ශවයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.