Friday, April 19, 2024

General line - 0115112241

ටොරින්ටන් පාරේදී සුඛෝපභෝගි බස් රථයක් ගිනි ගනී (PHOTOS)




ටොරින්ටන් පාරේ ටියුනීසියානු තනාපති කාර්යාලය ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර සුඛෝපභෝගි බස් රථයක් ගිනිගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් බස් රථය  සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙය මිනුවන්ගොඩ -  නාරාහේන්පිට අතර ධාවනය වන කාර්යාලීය ප්‍රවාහන සේවකයකට අයත් බස් රථයක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් සඳහන් වන්නේ නැහැ.