Thursday, April 18, 2024

General line - 0115112241

ජනපති මෛත්‍රී රුසියානු ජනපති පුටින් හමුවෙයි (PHOTOS)




දශක හතරකට පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොස්කව් නගරයේ පිහිටි සුප්‍රකට ‘නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය‘ වෙත පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා. 

මොස්කව් නගරයේ රතු චතුරස්‍රයේ ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේ දී මියගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදිකර තිඛෙනවා. 

රතු චතුරස්‍රය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරියා විසින් පිළිගනු ලැබූවා. 

විශේෂ හමුදා උත්තමාචාරයක් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එහිදී පිරිනැමුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පුද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.  

තෙදින නිල සංචාරයක් සදහා රුසියාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොස්කව් නගරයට ළගා වූයේ ඊයේ පස්වරුවේයි. 

අද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.