Friday, March 29, 2024

General line - 0115112241

විමල් නිසා දියණියත් රෝහලේ




රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද දෙවන දිනටත් උපවාසයේ නිරත විය 

ඒ, ආහාර සහ ජලය ද ප්‍රතික්ෂේප කරමිනි. 

මේ අතර මෙම තත්වය නිසා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය ද අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ

ඒ පිළිබද කරුණු දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවේ මන්ත්‍රීවරයා මේ වන විට පැය 44ක් නිරාහාරව සිටින බවයි. 

ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වන බව වෛද්‍යවරුන් පැවසූ බවත් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පැවසීය

තවද මන්ත්‍රී විමල්ගේ දියණියද මේ වන විට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය