Thursday, April 25, 2024

General line - 0115112241

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් අධිකරණයට භාරවෙයි




විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී. එම්. එස්. බටගොඩ අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු වරෙන්තු ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, අමාත්‍යංශ ලේකම්වරයා මෝසමක් ගොනු කර අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන්. විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

නීතිඥවරයෙකු මගින් මෝසමක් ගොනු කර අධිකරණයේ පෙනී සිටි අමාත්‍යංශ ලේකම්වරයා දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් නොතීසි යොමු කර ඇත්තේ තමන් මීට පෙර කටයුතු කළ මුදල් අමාත්‍යංශය වෙත බවයි.

එහෙත් දැන් තමන් සේවය කරන්නේ විදුලිබල අමාත්‍යංශයේ බව ඔහු සිය මෝසම මගින් අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව අදාළ නඩු ජූලි මස 06 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මෙහිදී නියෝග කළා.