Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පිළිබද ජිනීවා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි




ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාව මීට නොබෝ වේලාවකට පෙර ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ යෝජනාවට රටවල් 47ක් සම අනුග්‍රාහකත්වය දැක්වීමට කැමැත්ත පල කළ බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 වසරේ දී එකග වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් කල් ලබා ගැනීම සදහා මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණා.