Friday, April 19, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් ලැබෙයි




ආබාධිත රණවිරුවන් සඳහා විශ‍්‍රාම වැටුප් දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් නෙත් නිවුස් සහ බැලූම්ගල ඉකුත්දා අනාවරණ කළා. 

එම අනාවරණයෙන් අනතුරුව විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස්. ජගත් ඩයස්ගේ අත්සනින් යුතුව ලිපියක් එවා තිබෙනවා. 

විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිකුත් කළ ලිපියේ මෙසේ සඳහන්.

‘‘ත‍්‍රිවිද හමුදා හා පොලිසියේ ක‍්‍රියාන්විත සේවයේ නියුතුව සිට මියගිය හා ආබාධිත වූ සියළු නිලධාරීන් හා යැපෙන්නන්හට අතුරු දීමනා හා අයවැය දීමනා අඩු කිරීමට ලබා දුන් උපදෙස් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.  පෙර පරිදිම ඉහත දීමනා විශ‍්‍රාම වැටුප් සමග ගෙවීමට කටයුතු කළ යුතුය.‘‘