Saturday, April 20, 2024

General line - 0115112241

සෞදි ගිය හය දෙනෙක් අතුරුදන් 




සෞදි අරාබියේ රැකියා සඳහා ගිය හය දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබෙනවා. 

2010 වසරේ දී විදේශගත වූ කල්අඩියේ පදිංචිව සිටි එන් එෆ් රීටා, 2008 වසරේ දී විදේශගත වූ ඇතිමලේ පදිංචිව සිටි කේ.පී.කේ චන්ද්‍රාවතී සහ 2007 වසරේ දී විදේශගත වූ ගිරිඋල්ලේ පදිංචිව සිටි පී.ජී කමණී එලෙස අතුරුදන්වී සිටින කිහිපය දෙනෙක්. 

2005 දී සෞදි අරාබියට ගිය රත්නපුරයේ පදිංචි ඒ.එස්.එම්.සුජහන්, 2014 දී විදේශ ගත වූ ගලෙන්බිදුණුවැව පදිංචිව සිටි පී.ටී.මොහොමඞ් රියාස් සහ 2004 දී විදේශ ගත වූ අක්කරපත්තුවේ පදිංචිව සිටි එම්.එච්.රිෆ්නාස් යන අය ද අතුරුදන්වී සිටිනවා.

ඔවුන් පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් 011 437 93 28 දුරකතන අංකයට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලා සිටින්නේ.