Saturday, April 20, 2024

General line - 0115112241

මෝසූල්හි සාමාන්‍ය වැසියන් ලක්ෂ 04 ක් අයි.එස් ග‍්‍රහණයට




ඉරාකයේ මෝසූල් නගරයේ පැරණි කළාපය තුළ ලක්ෂ 04 ක් පමණ සාමාන්‍ය වැසියන් කොටුවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා. 

මෙම කළාපය අයි.එස් ත‍්‍රස්තවාදින්ගේ පාලනය යටතේ පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

ඔවුන් මුදා ගැනීම සඳහා ඉරාක හමුදාවන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.