Thursday, April 25, 2024

General line - 0115112241

පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ ආරච්චිකට්ටුවේ ව්‍යාපාරිකයින් 12 කට නඩු




ආරච්චිකට්ටුව - පුලිච්වාකුලම තාරවිල්ලූව සහ උඩප්පුව ප‍්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ වෙළඳුන් දොළොස් දෙනෙකුට නඩු පවරා තිබෙනවා. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි වැටලිමකදී මෙම වෙළඳසැල් හඳුනා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම මෙහෙයුමේදී ව්‍යාපාරික ස්ථාන 44ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. 

එහිදී වෙළඳසැල් නවයක තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශකර දැමීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.