Thursday, April 25, 2024

General line - 0115112241

ආසියාවේ ඉහළම උද්දමනය ශ‍්‍රී ලංකාවෙන් - මහබැංකුව ප‍්‍රතිපත්ති පොලී අනුපාතයත් ඉහළ දමයි




ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිප්ති පොලී අනුපාත අද (24) සිට ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ඒ අනූව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට හතයි දශම දෙකයි පහක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට අටයි දශම හතයි පහක් දක්වාත් ඉහළ දැමුණා. 

මහබැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ උද්දමනය වැඩිවීම පාලනය කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි. 

ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්නගෙන් ද නෙත් නිවුස් මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ ආසියාවේ ඉහළම උද්දමනය වාර්තාවන රට බවට ශ‍්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බවයි.