Friday, March 29, 2024

General line - 0115112241

සංක‍්‍රමණිකයින් 200 ක් මධ්‍ය ධරණී මුහුදේ අනතුරක




මධ්‍ය ධරණී මුහුදේ දී සරණාගතයින් රැගත් යාත‍්‍රා දෙකක් අනතුරට ලක්වීමෙන් දෙසීයකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. 

එම යාත‍්‍රා අනතුරට ලක්ව ඇත්තේ ලිබියාවට ආසන්න මුහුදු තීරයේදීයි. 

ස්පාඥ්ඥ සහන සේවා සංවිධානයක් ප‍්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක් වූ යාත‍්‍රා තමන් නිරීක්ෂණය කළ බවයි. 

යාත‍්‍රාවේ සිටි බොහෝ දෙනෙකු වයස අවුරුදු 16 ත් 25 ත් අතර අප‍්‍රිකානුවන් බවයි පැවසෙන්නේ. 

අනතුරින් මිය ගිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.