Saturday, April 20, 2024

General line - 0115112241

සම ලිංගික විවාහය ගැන තීරණාත්මක තීන්දුවක්




සමලිංගික විවාහ නීතිගත කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණාත්මක තීන්දුවක් ගැනීමට තායිවානය සූදානම් වනවා. සමලිංගික විවාහ නීතිගත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක තීන්දුව එරට ඉහළ අධිකරණයක් විසින් අද ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් විශේෂ ජූරි මණ්ඩලයක් ද පත්කර තිබෙනවා. සමලිංගික විවාහ නීතිගත කිරීමට තීරණයක් ගතහොත් එවැනි තීරණයක් ගන්නා ආසියාවේ පළමු රට බවට තායිවානය පත්වනු ඇති.