Friday, March 29, 2024

General line - 0115112241

හමුදා භාරයේ සිටි ආමි රොෂාන් ගෙදර යයි




යුද හමුදා පොලිසිය භාරයේ සිටි රොහාන් ප‍්‍රදීප් හෙවත් ආමි රොෂාන් අද (24) නිදහස් කළ බව යුද හමුදාව පවසනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසන්නේ 2012 වසරේ සිට ඔහු යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී සිට ඇති බවය. නිත්‍යානුකූලව හමුදාවෙන් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නිශ්කාෂන ඉටු කිරීමෙන් අනතුරුව ඔහු මුදාහල බවයි බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ. 

රොහාන් ප‍්‍රදීප් නොහොත් ආමි රොෂාන් ඉකුත් අඟහරුවාදා නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහන සඳහා එක්වුණා. එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය කිහිපයක පල කර තිබුණේ. එම වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවයි ඔහුගේ බිරිඳ වන ශිරෝමිකා දිල්රුක්ෂි නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.