Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංගලිදේශ පළමු එක්දින තරගය හෙට




ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග හා ධනුෂ්ක ගුණතිලක කටයුතු කරනු ඇති. ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ මෙහෙදි හසන් ද බංග්ලාදේශ සංචිතයට එක් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

මෙම තරගාවලිය ජය ගන්නා කණ්ඩායමට 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ඍජුවම සහභාගී වීමට අවස්ථාව උදා වනවා.  මේ වනවිට ප‍්‍රසාද ලකුණු 98ක් සමග හයවන ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාව තරගාවලිය 03 ට බින්දුවක් ලෙස ජයගතහොත් ප‍්‍රසාද ලකුණු 100 දක්වා ඉහළ දමා ගැනීමට හැකිවනු ඇති. තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගතහොත් ප‍්‍රසාද ලකුණු 96 බැගින් ලබාගෙන ශ‍්‍රී ලංකාව සමග හයවැනි ස්ථානයේ සම වීමට බංග්ලාදේශය කණ්ඩායමට ද හැකි වනවා. 

පළමු තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස හෙට පැවැත්වෙන්නේ රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.