එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගැණුනු යෝජනාව පිළිබද ප්‍රසාදය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 වසරේ දී සම්මත කරගත් යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සනාථ කරමින් ඉකුත් දා සම්මත වූ යෝජනාව සාදරයෙන් පිළිගන්නා බවයි ද්‍රවිඩ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා රජයට හා මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලයට නිශ්චිත කාලයක් ලබා දීම, යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඉදිරි දෙවසර තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කිරීම යන යෝජනා සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
තම පොරොන්දුවලට ගරුකර ඒවා අකුරටම හා හරවත් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ද්‍රවිඩ ජාතික සන්ධානය සිය නිවේදනයේ දක්වා තිඛෙනවා.
ඉඩම් නිදහස් කිරීමේ ගැටළුව, දෙමළ දේශපාලන සිරකරුවන් රදවා තබා ගැනීම, අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වල දුක්ගැනවිලි හා ව්‍යවස්ථාමය ප්රතිශෝධන කෙටුම්පත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් අවංකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
දෙමළ ජනතාව මෙම පීඩාවන් ඉවසා සිටීමේ අන්තයටම පැමිණ ඇති බැවින් බොහෝ ගැටළු සම්බන්ධයෙන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති අහිමිවීම් සහ පීඩාවන් සදහා කඩිනමින් පිළියම් යෙදිය යුතු බව ද එහි වැඩිදුරටත් දක්වා තිඛෙනවා.