Friday, April 19, 2024

General line - 0115112241

බටහිර ගැති චෝදනාවට ජනපති මෛත්‍රීගෙන් රුසියාවේ දී පිළිතුරක්




60 වසරක රුසියානු ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සබදතාවල නව පිටුවක් පෙරළමින් ඉදිරි සියවස සදහා එය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට දෙරට අතර මිත්‍රත්වය සහ සුහදතාව වර්ධනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

රුසියාවේ නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවති හමුවකට එක්වෙමින්. 
මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදු වුණා. 

රුසියාව සෑම විටම අවංක මිත්‍රයෙකු ලෙස ශ්‍රී ලංකාව සමග කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ. 

වත්මන් ආණ්ඩුව බටහිර ගැති ආණ්ඩුවක් බවට එල්ලවන චෝදනාවලට ද ජනාධිපතිවරයා මෙහි දී පිළිතුරු ලබා දුන්නා. 

තමා සෑම විටම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එම නිසා ලොව සෑම රටක් සමගම මිත්‍රශීලිව කටයුතු කිරීමට හැකිව ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.