Friday, March 29, 2024

General line - 0115112241

මහබැංකු ප්‍රතිපත්තියෙන් ජනතාව පීඩාවක - ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්




ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණය හේතුවෙන් මහජනතාව තවත් පීඩාවට ලක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. 

ඔහු පෙන්වා දුන්නේ මෙමගින් උද්ධමනය විශාල ලෙස පාලනය කර ගැනීමට හැකියාවක් නොමැති  බවයි. 

මෙරට උද්ධමනය සීග්‍ර ලෙස ඉහළ යාමට හේතුව ආණ්ඩුවේ අවිධිමත් මූල්‍ය කළමනාකරණය බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සදහන් කළා. 

ඩොලරයට සාපේක්ෂව රුපියලයේ අගය පවත්වා ගැනීම සදහා මෙරට විදේශ සංචිත යොදා ගැනීම හේතුවෙන් ගැටළු ගණනාවක් පැන නැගී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.