Friday, April 19, 2024

General line - 0115112241

විල්පත්තුවේ ආරක්ෂාවට තවත් යෝජනාවක්





විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන් ප්‍රසාදය පළ කරනවා. 

ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ මොස්කව් නුවර දී ඊයේ අත්සන් තැබුවා. 

පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ විල්පත්තුව සහ අවට වනාන්තරවල ආරක්ෂාවට මෙම තීරණය වැදගත්වන බවයි. 

විල්පත්තුව සහ අවට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් රක්ෂිත නම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ද පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පෙන්වා දුන්නා.‍

එ් සඳහා වන සංරක්ෂණ පනත අපක්ෂපාතීව ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ

විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිට රක්ෂිත හයක් වන මාවිල්ලු, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තුකුලම් හා පෙරියමඩු යන රක්ෂිත සියල්ල එක් කොට මාවිල්ලු රක්ෂිතය ලෙස නම් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා (24) කටයුතු කර තිබුණි