Thursday, March 28, 2024

General line - 0115112241

බංග්ලාදේශයෙන් ලකුණු 325ක ඉලක්කයක් 




ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී බංග්ලාදේශය සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 324ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට මෙහිදී සමත්වුණා.

පන්දු 127 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 12 ක් ඇතුලත් වුණා.

...................................

තීරණාත්මක එක්දින සටන ඇරඹේ 

25-03-2017 14:03

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර  පැවැත්වෙන එක්දින තරගාවලිය  අද(25) ආරම්භ වුණා.

ඒ රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ දී.

පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශයට ආරාධනා කළා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව   චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියට පෙර සහභාගී වන  අවසන් එක්දින තරගාවලියයි.