Thursday, April 25, 2024

General line - 0115112241

සෞදි අරාබියේ වීසා නොමැතිව සිටින ලාංකිකයන්ට හොඳ අවස්ථාවක්




සෞදියේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර ඇති අතර එය මේ මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක්  දක්වා ක්‍රියාත්මක වනවා.

මෙම  පොදු සමා කාලයේ දී කිසිදු ගෙවීමකින් තොරව මව් රටට පැමිණීම සඳහා කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

ඉක්මණින්ම රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුල නේවාසික වීසා නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණි එරටේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා නීති විරෝධීව රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහායි.