Saturday, April 20, 2024

General line - 0115112241

"උපවාසය අවසන් කර පාර්ලිමේන්තුවට එන්න " - විමල්ගෙන් ඉල්ලීමක් 




උපවාසය අවසන් කර පාර්ලිමේන්තුවට පැමිණ ප‍්‍රශ්න ඇත්නම් කතා කරන්නැයි අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් ඉල්ලීමක් කරනවා. 

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කොළඹ මැගසින් බන්ධනාගාරයේදි විමල් වීරවංශ මන්තී‍්‍රවරයා සිදුකරන උපවාසය සම්බන්ධයෙන් මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර  පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ උපවාසය හේතුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් පිරිහෙමින් ඇති බවයි.